Friday, March 6, 2015

හදවතින් සෙනෙහස පුරා - අජිත් ආරියරත්න | Hadawathi senehasa pura - Ajith Ariyarathna - Sinhala lyrics

                                           හදවතින් සෙනෙහස පුරා - අජිත් ආරියරත්න


හදවතින් සෙනෙහස පුරාඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා 
ඇයි මෙසේ මා අද තනි කළේ

දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා //
මගේ පැතුම් ලොව 
පහන් නිවා අද
ඉගිලී යන්න ගියා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා 
ඇයි මෙසේ මා අද තනි කළේ

නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා //
පෙර සේ මතු දින
නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා 
ඇයි මෙසේ මා අද තනි කළේ


ගායනය - අජිත් ආරියරත්න
Video Music




0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More